එක දවසක කතාවක්..
-එයා ඔයා ගැන අහනව. කැමති වෙන්නකෝ.
-අනේ බෑ අනේ..
-ඔච්චර හිනා වෙවී බෑ කියන්නෙ හිතකින් නෙමෙයි නෙ?
-හිතේ එක්කෙනෙක් තියාගෙන තව කෙනෙක්ට කැමති වෙන්න බෑ යකෝ.
-නෑ... සිරාවට? හැබෑ වෙන්න යන හීනයක්ද?
-නෑ.. ඒක කවදාවත් හැබෑ නොවෙන හීනයක්. හැබෑ වෙන්නම ගිහින් නැති වෙච්ච හීනයක්..
ඇගේ සිනහව එතැනදීද වෙනසක් නොවිය. ඇය ගොළු නොවීය. ඇයට හඬන්නට වුවමනා නොවීය. නමුත් මම ගොළු වීමි. මට වචන නැති විය. ඇගේ සිනහව තුල මිය සිටින ප්‍රේමයක් මට අදටත් පෙනේ. ජිවිත කෙතරම් සංකීර්ණ ද.. නහර ඇට මිදුළු වලට පවා රිංගපු ප්‍රේමයකට ඒ ජිවිතේ දාල යන්න මුළු ජීවිත කාලයක්ම උනත් මදි.
ආදරේ ජිවිතේ එක්ක එකතු වෙලා දවසක් ගානෙ වැටෙන්න තියෙන හුස්ම වලට යන එන මං නැති කරන හැටි..
කඳුළු හලන්න උනත් ජිවිතේ එක කාලයක් එනව. ඊට පස්සේ එන කාලෙදි ජිවිතේ එක්ක කඳුළු නෑ. අතීතෙ වෙනුවෙන් වෙන් කරපු හදවතක වේලිච්ච හිනාවක් විතරක් ඉතුරු වෙන්න තියල බලාපොරොත්තු මරල දාපු ලස්සන මුණක් විතරක්...