කොටුවේ පහ යට
එදා අද මෙන් තවම මතකයි නගේ උඹ හරි ලස්සනයි
දණෙන් පහලට ඇන්දෙ ඇයි උඹ කොළඹයට උඹ ගම්බදයි
මතක හැටියට එදා කොටුවට ආව උඹ හරි සුන්දරයි
මගේ හිත ඒ එදා උඹ ගැන හිතුව හැටි මට හිරිකිතයි
බලන් හිටියේ කොටුවේ පහ යට බලාවියි මා දෙස කියා
දවස් සති ගෙවුනා ය නොදැනිම කොහෙත් බැලුවේ නෑ එයා
මටත් අමතක ඇගේ මුහුණට දිනක් මගෙ දෑසම ගියා
හිනාවක් වත් නොදුන් ඒ වත වෙන කතාවක් විය ලියා
මටත් හිතවත් වෙන්න කියමින් මගේ හදවත වැලපුනා
ඇගේ හිස් මුහුණතට නොඑබී මමත් හෙමිහිට ගැලවුනා
තවත් කිසිවක් හිතන්නැතිවම උදේ රෑ මම වෙහෙසුණා
අනේ කොහොමත් ඇගේ හිසකේ එදා රෑ මට සිහි වුණා
හයයි ගානට කොහොම කිව්වත් කොටුවෙමයි මම ගැවසුණේ
ඒත් ඈ නෑ දකින්නටවත් මමත් නෑ තව වෙහෙසුනේ
කතාවත් නැති අමුතු ලොවකට කුමට මගේ හද පිවිසුනේ
කෙසේ කිව්වත් එදා සෙනෙහස තවම ඇත හද පුදසුනේ
දවස් සති ගෙවි ගෙවී ගිය මුත් යලිත් ආවේ නැහැ එයා
ඇත්තමයි මං හිතුවෙ ඒ රුව එකෙක් අරගෙන ගොස් කියා
තවත් මතකෙට නොඑන එන දේ මැකෙන්නට තව කල් තියා
මගේ ඇස් වල නොආ කඳුලැලි ඔහේ වියලීලා ගියා
මාස තුනකට කිට්ටු වෙනකල් දකින්නත් ඈ නැති වුණා
මගේ මතකෙත් ඒත් එක්කම එදා තනියට හුරු උනා
නමුත් ඉඳහිට මගේ මතකෙට ඉඩක් දෙන්නත් වෙහෙසුණා
අනේ අමතක ඇගේ මුහුණත දිනක් මා ළඟ ගැවසුණා
දවස් ගානක් නොදැක්කත් රුව නගේ ඈ නුඹ වගේමයි
ටිකක් හොර හිත ගියා අහකට ඇගේ ඇස් නම් උඹේමයි
මතක් වෙන්නෙම එදා කොටුවෙදි නුඹේ ඒ රුව මගේමයි
හිතේ සෙනෙහස විනාඩියකින් මැකූ හැටි නම් අගේමයි
දවස් ගානක් හොරෙන් ඇවිදින් මගේ හදවත ගිණි තියා
ඇගේ සෙනෙහස මටත් නොකියම එදා මා අතහැර ගියා
නගේ කියනට එදා බැරි වුන මගේ කවි අහසට කියා
මගේ මතකෙට වැඩිය දෙවියෙක් වගෙයි කහ සිවුරට ඔයා
-නෙත්මි-
Wednesday, February 21, 2018
Sunday, February 18, 2018
කට්ට කළුවර හැන්දෑව..
කාලෙ ටික ටික සෑහෙන්න ගෙවිල. උඹත් වෙනස් වෙලා. ඔව්. ඇත්තටම අපි වෙනස් වෙලා. මුළු රෑ පුරාවටම මට මතක් උනේ හවස මුණගැහුණු උඹව විතරයි. අපි කොයි තරම් වෙනස් වෙලාද.. කාලයත් එක්ක අපිට අපිව ආයෙත් ඕන වෙලා. බෙල්ලන්විල පාක් එකේ උඹේ උරහිසට හේත්තු වෙලා මං හොරෙන් බිම වට්ටපු කඳුළු ආයෙත් මගේ ඇස් වලට ඇවිත්. මට ඕනෙ උනේ හැමදාම ඒ විදියට ඉන්න. උඹ දැන් යමුද අහනකල්ම මට ජිවිතේ කොතනද නැවතුනේ කියල හිතාගන්න බැරුවයි හිටියෙ. උඹේ කතා වලට දෙන්න මට උත්තර තිබුනෙ නෑ. අපිට අපිව ඕනෙ වග විතරයි මට දැනුනෙ. මාස ගානකට පස්සේ මං ආයෙ හුස්ම ගන්නව කියල දැනුනෙ මට අද. ඇත්තටම මං ඒ ටික වෙලාව හිටියේ දරාගන්න බැරි සතුටකින්. ඒ වගේම දරන්න බැරි දුකකින්. අපේ ජිවිත නැවතුනු තැන අපිට තවම හොයාගන්න බෑ. උඹට නොකිය මං උඹ ළඟ ඉඳගෙන සෑහෙන්න වෙලා ජිවිතේ හොයන්න ඇති. ඉස්සර හීන කොච්චරක් නම් මේ වගේ මං උඹ ළඟ ඉඳන් දකින්න ඇතිද.. ඒ හීන අදටත් මගෙ ළඟ පරෙස්සමට තියනව. මගේ අන්තිම හුස්ම ටිකත් මැකෙනකල් උබටවත් නොදී මං ඒ හීන පරෙස්සම් කරනව..
හැන්දෑවෙ හය හමාරට විතර තිබ්බ කට්ට කළුවර එක්ක මගේ හිතයි ආදරෙයි මං ඒ බංකුව උඩම තියල ආව. "අපි දෙන්නම වෙන වෙනම අලුතින් ජීවත් වෙමු.."
මං කිව්වෙ එච්චරයි උඹට. ඒ වෙද්දිත් මං හිටියෙ මැරිල වග උඹ දන්නේ නැතුව ඇති. උඹ අතරමග තියල ගිය මගේ හිත අමාරුවෙන් අඬගහගෙන මං ගෙදර ආව. උඹ මාව දාල ගියාද මං උඹව දාල ගියාද කියල මට කල්පනා උනේ නෑ. මගේ හිත නතර වෙලා තිබුනේ බෙල්ලන්විල පාක් එකේ බංකුව උඩ. උඹ මට කියල මාව දාල ගියත් මං උඹට නොකියම උඹව දාල ගියාට මට සමාවෙන්න කිය කිය ඉවරයක් නැතුවම මං මේ තප්පරේදිත් උඹේ පපුවට තුරුළු වෙලා අඬනව. උඹට යන්න කියල කිව්වෙ ඒ වෙනකොටත් මං ගිහින් නිසා නෙමෙයි, ඒ වෙද්දිත් මගේ හිත පණ ඇද ඇද හිටිය නිසා වග උඹ දන්නේ නෑ.
හැම දවසකම උදේ හවස මතක් වෙන්න අලුත් මතකයක් ජීවිතේට එකතු කරගෙන මං ඇඳට වැටුණ. තවම ඇස් දිය වෙලා යන කඳුළු ආයෙ මැරෙනකල් නවතින්නෙ නැති වග දැන දැනම මං ඇස් පියාගත්ත..
ඒත් මං තවමත් ඉන්නෙ උඹේ පපුවට තුරුළු වෙලා.. ඒ බංකුව උඩ..

Subscribe to:
Posts (Atom)