Friday, April 13, 2018


ඒක අමුතු කතාවක්..


කොළ කෑලි වල ගලපන්න බැරි උනත් අමාරුවෙන් ගලපගත්ත කවි මං උඹ නිසා ලිව්වෙ අද ඊයෙක ඉඳන් නෙමෙයි. කවි වලට තේරුමක් තිබුනේ නෑ. ඔහේ ලිව්වා. කෙළවරක් නැතිවම. හරියට මගේ ආදරේ වගේ. උඹේ ලඟදි දැනුන සුවඳ, වම් ඇස් කෙළවරෙන් බලද්දි පෙනුන උඹේ හරි ලස්සන හිනාව, හැම තප්පරේකටම මගේ ආදරේ ලියවිලා තිබුණ. කඳුළු නැතුවත් අඬන්න පුළුවන් කියල මට කියල දුන්නෙ අප්රකාශිත සෙනෙහස. උඹට තිබුණු අසීමිත ආදරේ. මට මෙච්චරටම දැනෙන, උඹට අංශුමාත්රයක්වත් නොදැනුන ආදරේ හැම රෑකම හිස් හුස්ම ගොඩක් වෙලා මගේ කාමරේ පුරාම විසිරුණා.

ආදරේට පුළුවන් හදවතක් ජීවත් කරන්න..

වගේම පණ පිටින් මරන්න!

අදටත් අහසට මුසු වෙච්ච මගේ හුස්ම මං වටේම කැරකෙනව. ගොළු වෙච්ච හුස්ම.. උඹේ මූණු පොතේ උඹ ආදරේ ගැන ලියන කවි මං අදත් කියවනව. ඉඳ හිට වැටෙන ආදරණීය දෙබස් මං රෑට රෑට දකිනව..

ඉතිං.. මං හුස්ම ගන්නව..

හුස්ම හරි තදයි..
.
.
.
.
ඒක අමුතු කතාවක්..
මුළු අහසටම දැනෙන,
ඒත් නුඹට විතරක් නොදැනෙන..

-නෙත්මි-



No comments:

Post a Comment