Friday, April 13, 2018



මැරෙන මතකයක්..

-අතේ ඔතනින් අල්ලන්නෙපා ඩොක්ට. රිදෙනව..
.
.
.
.
.
-අතේ ඔතනින් අල්ලන්නෙපා. මට රිදෙනව කියල දන්නවනෙ.
-ඇයි උඹ මල ?
-ඔව් ගලක් වගේ පෙනුනත් මලක් තමයි.
-උඹට රිදුනට මට කරන්න දෙයක් නෑ.
-මට කරන්න දේකුත් නෑ ඉතිං..
.
.
.
මගේ මතකෙ අවුරුදු දෙකතුනක් ආපස්සට ගියේ මටත් නොදැනි. තප්පර දෙකතුනකට කලින් දැනුන වේදනාව මට අමතක වෙලා ගියා. හැම තප්පරේදීම මතක් උන උඹගේ අලුත් වෙච්ච තවත් එක මතකයක් නිසා.

ආදරේ ජිවිතේ ඇතුලේ රිද්දපු පොඩි පොඩි වේදනාවන් ඔක්කොම එකතු කරලා මතක වලට ඒව අලවල තියන හැටි..

එදා අත රිදුනට වඩා මේ මොහොතෙ මගේ හිත කෝටි ගානක් වැඩියෙන් රිදෙනව. වේදනාව මෙච්චරක් කියල කියන්න බෑ. උඹ ඇවිත් ආයෙත් මගේ අතින් අල්ලගන්නකල් මං දැන් ගොඩක් කල් ඉඳන් බලන් ඉන්නව. ඒත් දවස් වලට පස්සෙ ආයෙම වේදනාව දැනුනෙ අද..
.
.
.
තප්පර ගානකින් මං ආයෙම පියවි ලෝකෙට ආව. ජිවිතේ අන්තිම තප්පර දෙක තුන කියල හිත හිත මං අදටත් මේ ඇඳ උඩ. මැරෙන ජීවිතේට වඩා තද වේදනාවක් පණ අදින හිතකට දැනෙනව. වේදනාවෙන් මිදෙන්න මං හැමදාම බලන් ඉන්නව.

මං ආදරේ කරනව උඹට. උඹව ලබාගන්න නෙමෙයි. මැරෙන මොහොතෙදි හිනා වෙන්න. මං බලන් ඉන්නව. උඹ එයි කියල නෙමෙයි. උඹ වැරදිලාවත් පේන මනෙකින් යයි කියල. මං මැරෙන්න බය නෑ. උඹ මට නැති වෙච්ච නිසා නෙමෙයි. මං ජිවිතේ කෙලවර දැකල ගොඩක් කල් නිසා.

මට තියෙන්නෙ එකම එක ආසාවයි. මැරෙන්න මොහොතකට කලින් හරි උඹ මගේ අතින් ආයෙමත් අල්ලනව දැනෙන එක..

රිදෙන තරමට..
ඇස් වලට කඳුළු එන තරමට..
හුස්ම හිර වෙන තරමට..

-නෙත්මි-



No comments:

Post a Comment