Friday, February 17, 2017

 අයියා..

මං පුංචි කාලෙ අයිය මට ගහද්දි මං ඇඬුව..ඒ තරහට..ගහල හදන්න බැරි වයසෙදි අයිය මට බනිනකොට මං හොරෙන් ඇඬුව..ඒ දුකට..ඒත් පස්සෙ කාලෙක කාටත් හොරා අයිය මගෙ ඔලුව අතගාල හරි වැරැද්ද කියල දෙනකොට අයියට නොපෙනුන මහ දුකක් මගෙ හිතට දැනුන..පවුලෙම බර කරට අරන් මට උගන්නන්න අයිය රස්සාවකට ගියා කියල මං දන්නව..තාත්ත නැති පවුලට තාත්තෙක් උනේ අයිය බවත් මං දන්නව..එදා මං විභාගෙ පාස් උනාම අයියගෙ ඇස් වලට ආව කඳුලු මට අද වගේ මතකයි..අයියගෙ අත පය රැළි වැටෙනකොට අපේ අත පය පාට වැටුන..වෙනස් කමක් කරන්න බැරි නිසා කියල මං හිරයක් ගනිද්දි අයිය තනිකඩව උන්න එකට අයිය නම් දුක් වෙන්නෙ නැති බව මං දන්නව..කොහොම හරි අන්තිමට ඉඩකඩම් බෙදනකොට ඒ සේරම අමතක කරල වගේ මගෙ කටින් කියැවුනේ උඹ මොනාද ඉඩකඩම් ගන්න තරම් අපිට කලේ කියල..තප්පර ගානකින් කිව්ව දේවල් වල හරි වැරැද්ද තේරුනත් මං පරක්කු වැඩි උනා..ජීවිතේ හැම හුස්මක්ම මං වෙනුවෙන් කැප කරපු අයිය පහුවදා වෙද්දි අයියගෙ නමට තිබ්බ පුංචි ඉඩම් කෑල්ලත් මගෙ නමට ලියල යන්න ගිහින් තිබුන..මං අයියව හැමතැනකම හෙව්ව..අදටත් මං අයියව හොයනව..අයිය කොහේ ඉන්නවද කියල මං දන්නෑ..ඒත් මං එක දෙයක් දන්නව..අයිය අදටත් ඉන්න තැනක ඉඳන් මං ගැන හිතනව ඇති..අයියගෙම පොඩි මල්ලි ගැන..



මල්ලී..

No comments:

Post a Comment