-අමාවක උඹ-
හීතලට ගුලි වෙච්ච
උනුහුමක් නැති මතක
පොද වැස්සෙ මං එක්ක
හඩනවා හැමදාම..
![]() |
පිනි වැටෙන මහ රෑට
හීනෙකින් නුඹ ඇවිත්
මැකෙනවා නොකියාම..
තුන් යමට කවි කිව්ව
හීනයක නුඹ එක්ක
අලුත් කවි පේලි මං
ගොතනවා හැමදාම..
හීනයක් උනත් නුඹ
කවදාම හෝ දාක
හැබෑ වෙන තුරු බලා
ඉන්නවා හැම රෑම..
කදුළු පමණක් උරුම
මගේ ඒ අතීතෙට
රැවටෙන්න අර අදින
හිත බොළඳ ඇයි තාම?

No comments:
Post a Comment