Monday, February 13, 2017


-පුංචි ආදර කතාවක්-



ස්ටේෂන් එකෙන් බැහැල ඇවිදගෙන යද්දි මං එයා දිහාව ආයෙත් හැරිල බැලුවෙ දැකල පුරුදු නිසා..එයත් එක පාරටම හැරිල බැලුව..ඒ එයා..අවුරුදු දොලහකින්..මං යන්න කලින් එයා මං දිහාවට ඇවිදන් ආව..
"හලෝ කොච්චර කාලෙකින්ද..මෙහෙ කොහෙද?"
එයා ළඟ ඉස්සර තිබුනු බයාදු ගතිය දැන් නෑ..
"මෙහෙ ජොබ් එක කරන්නෙ..ඔයා කොහෙද මෙහෙ?"
"ජොබ් තමයි..මෙහෙන් බැන්දෙ"
මං හිනා උනා..මට හොයාගන්න වචන තිබ්බෙ නෑ..එදා වගේම අදත් මගෙ හිත ගොළු වෙලා..ඒ කාලෙ මං එයා ගැන හිතුව විදිය එයා තවම දන්නෙ නෑ..ඒ අද වගේම එදත් මං එයා ඉස්සරහ ගොළු උන නිසා..
"පරක්කු වෙනව..එහෙනම් මං යන්නද? ආයෙ දවසක හම්බෙයිනෙ"
මං හිනා වෙලා අත වැනුව..පරණ තුවාලයක් ආයෙම පෑරුණා වගේ මට දැනුන..එදා විතරක් නෙමෙයි, අදටත් මගෙ හිතේ එයා හැංගිලා ඉඳල..ඒත් එදා වගේම මං ගොළුයි..කොහෙන්දෝ ආව තනිකමක් මගෙ හිතේ නැවතුනා..ආයෙ නොයන්නම..ඉස්සර වගේම අදටත් එයා ළඟ මං අසරණයි..

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා..

සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
උහුලනු බැරි තැන උණු කඳුලු ම වගුරුවනා...
මට මගේ නොවන..
මගේම ආදරයක් තිබුණා...

No comments:

Post a Comment