අගෝස්තු
16..
අද තමයි ඒ දවස. උනුසුම් හාදුවකින් අපි වෙන් වුනු.
ජීවිතේ එක තැනක තියල
අපි කාලයට ඉඩ දුන්නු. නොසන්සිඳෙන
උමතුවක හදවත අතරමං කරපු..
❤
අද තමයි ඒ දවස.
උනුසුම් හාදුවකින් අපි වෙන් වුනු.
ජීවිතේ එක තැනක තියල කාලයට ඉඩ දුන්නු. නොසන්සිඳෙන
උමතුවක හදවත අතරමං කරපු..
හැම සතියෙ දවසකම නොවැරදීම මේ කොළඹ අහස
යට අපි හමු වුනා.
ඒක සුන්දර අතීතයක් නොවුනත් සුන්දර මතකයක්. ආයෙ අලුත් නොවෙන
මතකයක්.
හිස් වචන ගොඩක් එකතු
කරල මං මේ ගලපන්නෙ
ඇස් වලට දරන්න බැරි
වේදනාවක්. කාලයත් එක්ක අපේ ජීවිත
කොයි තරම් නම් වැරදුනාද..
වරද උඹේද මගේද කියලවත්
හිතන්න බැරි තැනක අද
අපි නතර වෙලා.
මට මේ පාලුව හුරු
නෑ..
අදටත් අපි ඉඳ හිට
මගදි හම්බෙනව. මූන බලල හිනා
වෙන්න තරම් වත් ඒ
වෙලාවෙදි මගෙ හිත හයිය
නෑ.. මට ඕනෙ උනේ
උඹත් ඒ වෙලාවෙදි දුක්
වෙනව දකින්න. ඒත් මට එහෙම
දෙයක් දැනෙන්නෙ නෑ..
ඉස්සර උඹ ආසම උන
විදිය.. මගේ පපුවට ඔලුව
තියන් ගොඩක් වෙලා ඉන්න.. මට
ඕනෙ ආයෙත් පොඩි වෙලාවකට ඒ
මොහොතට යන්න. ඒත් ආයෙ එන්නෙ
නැති ජීවිත කතාවක් වෙන්න තරම් අපේ ආදරේ
කෙලවරක් වෙලා..
ජීවිතේ අලුත් බලාපොරොත්තු නැත්තෙ නෑ. ඒත් පුංචියට
හරි හිතේ තදටම තියෙන
බලාපොරොත්තුව උඹ. උඹට මේ
වචන දැනෙන්නෙ නැති වෙයි. මට
තරම්..
ඒත් මට ඕනෙ මට
දැනෙන්න.. උඹට දැනෙන වග…
ඉතින්..
අගෝස්තු 16..
-නෙත්මි-
🔥🔥🔥
ReplyDelete