කාලය
හරි ඉක්මනින් ගෙවිල ගිහින්. උඹ, මම, අපි දැන් ගෙවන්නෙ වෙනස් ජීවිත. අපිට යන්න උනේ ඉර එළිය බින්දුවක් වත් නොවැටුණු අඳුරු මාවතක. මට පාර පෙන්නුවෙ උඹ. අපි අමාරුවෙන් කෙලවරක් හෙව්වත් අපිටත් හොරෙන් අපේ ජීවිත අපිට සින්න වෙලා ගියා..
උඹට මතකද? හිත් වලට දරන්න බැරි කතා අපිට කොයි තරම් නම් තිබුනද.. යන්තමට අපේ මාවතේ දල්වල තිබුණු එලියකින් පාර හොයාගෙන අපි කෙලවරක් හොයන්න කොයි තරම් නම් උත්සහ කලාද..
ඒත්
උඹ නැවතුනා..
මාවත
උඹට අඳුරු වැඩි උනා..
මං තනියම අතරමග දාල උඹ ආපහු හැරුණ..
ඒත් මට දැන් තනියම පාර හොයාගන්න බෑ..
මං තනියම අතරමග දාල උඹ ආපහු හැරුණ..
ඒත් මට දැන් තනියම පාර හොයාගන්න බෑ..
ඉතින්...
පාර තවම එළියයි...
උඹ
ආයෙ එනවද?
-නෙත්මි-
ඉතින්
ReplyDeleteපාර තවම එළියයි...
උඹ ආයෙ එනවද?"
ලස්සන වැඩක් 👌👌👌👌🔥🔥🔥🔥